2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:17
‘දිට්වා’ සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර නිසා විනාශ වූ කර්මාන්තශාලා සහ දේපොළ සඳහා රක්ෂණ වන්දි ගෙවීමේදී ජල ගැලීම්වලට අදාළව රක්ෂණ යෝජනා ක්‍රමයේ ආවරණය නැතැයි කියමින් ඇතැම් සමාගම් වන්දි ගෙවීම පැහැර හරින බවට රක්ෂණ නියාමන කොමිසම වෙත පැමිණිලි ලැබී තිබෙනවා.
ඒ අනුව මෙම ජල ගැලීම්වලට මූලික හේතුව සුළි කුණාටුවක් බැවින් සුළි සුළංවලට අදාළව රක්ෂණ ඔප්පු හිමිකරුවන්ට වන්දි ලබාදිය යුතු බවයි රක්ෂණ ඔප්පු හිමියන් දන්වා සිටින්නේ.
එසේම කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇතැම් රක්ෂණ ඔප්පුවල ආවරණය වන ක්ෂේත්‍ර අතර සුළි සුළං හෝ ගංවතුරට අදාළව රක්ෂණය වී නොමැති නම් ඒ අයට වන්දි ලබා ගැනීමට නොහැකි මුත් සුළි කුණාටු හෝ ගංවතුර රක්ෂණ ආවරණය ලබාගෙන සිටින අයට අදාළ වන්දි ගෙවීමටද රක්ෂණ සමාගම් බැඳීසිටින බවටයි.
ඒ අනුව දැනට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳ සොයා බලන බවත් දිනපතාම පාහේ රක්ෂණයට අදාළ දත්ත යාවත්කාලීන කරන බවත් රක්ෂණ නියාමන කොමිසම පවසයි.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26