hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 03, පෙ.ව. 12:04



ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය විවිධ කරුණු හේතුවෙන් අනෙකුත් කලාපීය හා ආසියානු රටවලට වඩා පහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇත.

2022 වසරේ දී සිදු කරන ලද ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණයට අනුව ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් 35%ක් කාන්තාවන් වන අතර, එමඟින් ආර්ථීක සහභාගීත්වයේ ස්ත්‍රී – පුරුෂ දායකත්ව අනුපාතවල සැලකිය යුතු විෂමතාවක් නිරූපණය වන බව රජය පවසයි.

සීමිත මූල්‍ය සාක්ෂරතාව සහ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන දේපළ හෝ වෙනත් ඇප හිමිකමක් කාන්තාවන්ට නොමැති වීම ආදී මූල්‍ය සම්පත් වෙත ප්‍රවේශ වීම සඳහා පවතින අවස්ථා අවම වීම යන කරුණු ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධාන බාධක ලෙස හඳුනා ගනු ලැබ ඇත.

එබැවින්, 2024-02-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත ශක්තිමත් කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇති රුපියල් බිලියන 200 ප්‍රතිපාදන වලින්, රුපියල් බිලියන 02ක් යොදා ගනිමින් කාන්තාවන්ට ආර්ථික කටයුතුවල නිරත වීම සඳහා ඇති බාධා ඉවත් කිරීම පිණිස විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: