2024 අගෝස්‍තු 12, ප.ව. 3:50
 
            
අද (12), වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණය පඩි පාලක සභාවේ දී සම්මත වී තිබෙනවා.
එහිදී වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පවත්වා ඇති බව සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ, වැටුප් වැඩි කිරීමට පක්ෂව 14 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.
එමෙන්ම, වතු සමාගම් තුනක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව වතු සේවකයින් සඳහා දෛනික මූලික වැටුප ලෙස රුපියල් 1,350ක් සහ පැමිණීමේ ප්‍රවර්ධන විශේෂ දීමනාව ලෙස රුපියල් 350ක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබෙනවා.
මේ අතර, වැටුප් ප්‍රශ්නය මහාධිකරණයට කැඳවූ අවස්ථාවේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, සෙන්දිල් තොණ්ඩමන් මහතා අධිකරණයේ සඳහන් වැරදි නිවැරදි කර වැටුප් වැඩිවීමක් ලබා ගැනීමට පූර්ණ සහයෝගය ලබාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ස්තූතිය පුද කළේ ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය වතු සේවකයින් සඳහා රුපියල් 1,700ක වැටුපක් යෝජනා කර ඇති බවත් එය ජනතාවගෙන් ලබාගැනීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයට පැවරී ඇති බවත් සෙන්දිල් තොණ්ඩමන් මහතා සඳහන් කළේ ය.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25