hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 අගෝස්‍තු 28, පෙ.ව. 11:47



අවශ්‍ය සම්පත් සහ අරමුදල් නොමැතිකමින් කොංගෝවේ පැතිර යන වඳුරු උණ වෛරසයේ නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණය සහ අවදානම පිළිබඳව නිසි ලෙස පරීක්ෂණ කිරීමට නොහැකි වී ඇති බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරනු ලබන විද්‍යාඥයින් පවසනවා.

අදාළ විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ, එම නිසා වෛරසය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් වෙනස් වන වෛරසයක් බවට පත්ව ඇති බවයි.‍

වඳුරු උණෙහි නව ප්‍රභේදය මේ වන විට කොංගෝව ඇතුළු ඒ ආසන්න රටවල වේගයෙන් පැතිර යන අතර වසරේ ගතවු කාලය තුළ වඳුරු උණ යැයි සැක කෙරෙන පුද්ගලයින් 18,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණා.

දැනට වසර පුරා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 615 ක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: