2025 මාර්තු 26, පෙ.ව. 12:06
එන්ජින් ධාරිතාවය 201 සිට 450 කාණ්ඩයේ යතුරු පැදි 296ක් සඳහා අය කළ යුතු නියමිත ගාස්තු අය නොකර ලියාපදිංචි කර තිබීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 78.15ක අලාභයක් සිදුව ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
කැබිනට් අනුමතියකින් තොරව හා ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය ලිපිලේඛන නොමැතිව යතුරුපැදි 3088 ක් ලියාපදිංචි කර ඇති බවටයි කෝපා කමිටුවේදී හෙළිව ඇත්තේ.
මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය10 දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවට කැඳවා තිබුනද අදාළ නිලධාරීන් නිසි සුදානමකින් නොපැමිණීම හේතුවෙන් නැවත හරවා යවනු ලැබුවා
මෙහිදී රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධවීමට ප්‍රථම, සිදුවූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳ සිදුකළ පරීක්ෂණ හා එම කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගත් විනය ක්‍රියාමාර්ග ඇතුළු වර්තමාන තත්ත්වය සඳහන් වාර්තාව දීර්ඝ වශයෙන් සකච්ඡාවට ලක් කෙරුණා.
මෙහිදී දෙපාර්තමේන්තුව විසින් අදාළ නිලධාරීන්ට එරෙහිව කිසිඳු විනය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඉදිරිපත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් ද කිසිසේත්ම සැහීමකට පත්විය නොහැකි බව අවධාරණය වී තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නොපමාව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඊට අදාළ විමර්ශනය ස්වාධින නිලධාරීන් කණ්ඩායමක් මගින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසටත් සභාපතිවරයා නිර්දේශ කළා.
පුර්ව වාහන ලියාපදිංචි අංක යටතේ පද්ධති ගතවූ චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද වාහන වල එන්ජින් අංක හා චැසි අංක ඇතුළත් කර, වංචනික මෝටර් වාහන ලියාපදිංචි සහතික නිකුත් කර තිබීම පිළිබඳවද කෝපා කමිටුව අවධානය යොමු කරනු ලැබූ අතර එහිදී රුපියල් බිලියන 1.2ක මුදලක් රජයට පාඩු වී තිබෙන බවටයි අනාවරණය වී ඇත්තේ.
තවද, භාවිතයට නොගත් හිස් අංක සඳහා වංචනිකව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතික මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබීම හේතුවෙන් රජයට මිලියන 6.2ක් ද, විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක සඳහා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රුපියල් මිලියන 122ක පාඩුවක් ද සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් විය යුතු බවත් විගණකාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති දුෂණ, වංචා සහ අක්‍රමිකතා විමසා බැලීමෙන් අනතරුව මීට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටත් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුව මාසිකව කාරක සභාව හමුවට කැඳවා විමසීම් සිදුකිරීමටත් කාරක සභාව විසින් නිර්දේශ කළා.
මීට අමතරව මෙහිදී සිදුව තිබෙන අපරාධමය ක්‍රියාවන් සම්බන්ධයෙන් අදාළ නිතිය බලාත්මක කරන ආයතන හරහා නිතීය ක්‍රියාත්මක කිරීමටද කාරක සභාව විසින් නිර්දේශ කර ඇති බව සඳහන්.
2025 මාර්තු 26, ප.ව. 5:19
2025 මාර්තු 26, ප.ව. 4:59
2025 මාර්තු 26, ප.ව. 4:54
2025 මාර්තු 26, ප.ව. 4:47
2025 මාර්තු 26, ප.ව. 4:34
26-03-25
26-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25