2026 මාර්තු 19, පෙ.ව. 12:10
මීට වසර තුනකට පෙර පැවති තත්ත්වයට වඩා වර්තමාන තත්ත්වය හාත්පසින්ම වෙනස් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා වර්තමානයේ රට තුළ ඉන්ධන සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
එවකට ඉන්ධන නැව් මිලදී ගැනීමට රජය සතුව මුදල් නොතිබුණද, වර්තමානයේ නැව් පිට නැව් ආවත් ඒවා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය සතුව පවතින බව ඔහු අවධාරණය කළේය.
ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, වර්තමානයේ ඉන්ධන සඳහා QR කේත ක්‍රමය නැවත හඳුන්වා දීමට සිදුව ඇත්තේ රජය සතුව මුදල් නොමැති නිසා නොව, ලෝකයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සැපයුම සීමා වී ඇති බැවින් බවයි.
ඉන්ධන පාලනයකින් තොරව භාවිත කළහොත් ඉදිරියේදී ඉන්ධන හිඟයක අවදානමක් ඇති විය හැකි බැවින්, මෙම සීමා කිරීම් සිදු කරන බව ඔහු පැවසීය.
පසුගිය වසරට සාපේක්ෂව මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, ආර්ථික දත්ත යහපත් මට්ටමක පවතින බවත් භාණ්ඩාගාරය හිස් වී නොමැති බැවින් ඕනෑම අවස්ථාවක ඉන්ධන මිලදී ගැනීමේ ශක්තිය රජයට ඇති බවත් ඔහු කීය.
ඉන්ධන සැපයුම සීමා වීම ලෝකයේ බොහෝ රටවලට බලපා ඇති පොදු ප්‍රශ්නයක් බවත්, බංග්ලාදේශය සහ පකිස්ථානය වැනි රටවල් පවා මේ වන විට පාසල් සහ ආයතන වසා දමමින් සීමා පනවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
පවතින අසීරු කාලය හමුවේ බුද්ධිමත්ව සහ යථාර්ථවාදීව කටයුතු කළ යුතු අතර, ඉදිරියේදී තවදුරටත් දැඩි තීරණ ගැනීමට සිදු විය හැකි බවත් ලෝක මට්ටමින් පවතින මෙම යුදමය වාතාවරණය අවසන් වූ වහාම ඉන්ධන සීමා කිරීම් ඉවත් කර සාමාන්‍ය තත්ත්වයට පත්වීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026 මාර්තු 19, පෙ.ව. 12:30
2026 මාර්තු 19, පෙ.ව. 12:19
2026 මාර්තු 19, පෙ.ව. 12:18
2026 මාර්තු 19, පෙ.ව. 12:15
2026 මාර්තු 19, පෙ.ව. 12:13
02-03-26
02-03-26
22-01-26
22-01-26
17-01-26
17-01-26
12-12-25
12-12-25
25-11-25
25-11-25
23-09-25
23-09-25
13-09-25
13-09-25