2025 අගෝස්‍තු 04, ප.ව. 4:59
කඳාන නගරය මැදින් සම්පූර්ණයෙන් නිරුවතින් පාපැදියක් පදවමින් යන පුද්ගලයෙකු මෝටර රථයක ඩෑෂ් කැමරාවක සටහන් වී තිබූ අතර එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
වීඩියෝවේ දැක්වෙන ආකාරයට, එම පුද්ගලයා ඉතා සන්සුන්ව පාපැදිය පදවන අතරතුර, ඔහුගේ ඇඳුම් යුගලය පාපැදියේ හැඬලය දෙපසින් අල්ලාගෙන සිටියි.
දහවල් කාලයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ මෙන්ම බලධාරීන්ගේ ද අවධානය යොමුව තිබේ.
මෙම පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනා ගැනීමට සහ ඔහුට එරෙහිව නීතිමය පියවර ගත යුතුද යන්න තීරණය කිරීමට පොලීසිය මේ වන විට එම වීඩියෝ දර්ශන සමාලෝචනය කරමින් සිටියි.
2025 අගෝස්‍තු 04, ප.ව. 3:52
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:51
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:34
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:01
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10