hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 16, ප.ව. 8:19



යාපනය නල්ලුර් කෝවිලේ වාර්ෂික උත්සවය සඳහා පැමිණ සිටියදී අතුරුදන්වු වයස අවුරුදු දෙකහමාරක දැරිය සොයාගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා.

දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇයගේ මව විසින් යාපනය මූලස්ථාන පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි දැරිය සිය මව, මිත්තණිය සහ අවුරුද්දක් වයසැති සිය සොහොයුරා සමග පසුගිය 06 වනදා නල්ලුර් කෝවිල් භූමියට පැමිණ තිබුණා.

එහිදී ඔවුන් සමග හිතවත් වු කාන්තාවක් විසින් අසල වෙළෙඳසැලකට යන බව පවසමින් දැරියව රැගෙන ගොස් ඇති බව සඳහන් වෙනවා.

කෙසේවෙතත් දැරිය සහ අදාළ කාන්තාව යළි නොපැමිණීම හේතුවෙන් දැරියගේ මව විසින් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: