hit counter

2025 නොවැම්‍බර් මස 19 වන බදාදා

2025 නොවැම්‍බර් 20, පෙ.ව. 12:30



නුගේගොඩ පවත්වන රැලියට ආණ්ඩුව හොඳටම බයවෙලා බවත් ආණ්ඩුව බොරු බේගල් ප්‍රචාරය කරන බවත් මේ සේරම අවලාද අපහසවලට (21) වෙනිදා උත්තර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා.

අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහසවලට (21) වෙනිදා උත්තර ලැබේවි.”