hit counter

2025 නොවැම්‍බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 23, පෙ.ව. 12:03



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තමන්ගේ තම නීති උපාධිය සම්බන්ධයෙන් එල්ල වන සියලුම අවලාද අපහාස වලට නිසි ප්‍රතිචාරය (21) වන දින නුගේගොඩ රැලියේදී ලැබෙනු ඇති බව පසුගියදා සඳහන් කළේය.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ,

“මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා.

අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහාස වලට (21) වෙනිදා උත්තර ලැබේවි.”

එහෙත් (21) දින නුගේගොඩ පැවති රැළියේදී තම නීති උපාධිය සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ කිසිදු ප්‍රකාශයක් සිදු කළේ නැත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති ජන බලය සමඟ ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන බව රැළිය අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අසීමිතව බොරුවෙන් ජනතාව මුලාකර බලයට පැමිණි ආණ්ඩුව IMF එළවන බව කියා බලය ගෙන වහාම IMF බදාගෙන ජනතාව මත අසීමිත බදු බරක් පැටවූ බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: