hit counter

2025 සැප්‍තැම්‍බර් මස 08 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:34



විපක්ෂ නායකවරයා ගැන අල්ලගන්නේ නැතුව, විපක්ෂ නායකවරයා ගැන චෝදනා කරන්නේ නැතුව ආණ්ඩුව නාමල් රාජපක්ෂට චෝදනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

ආණ්ඩුව නාමල් රාජපක්ෂට මෙච්චර චෝදනා කරන්නේ එළඹෙන 2029 වසරේ නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති නාමල් රාජපක්ෂ කියලා දැනිලා බවද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළේ,

“නාමල් රාජපක්ෂ ගැන මෙච්චර කතා කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ රටේ ජනතාව කල්පනා කරන්න ඕනේ අයිස්ද, වෙන මොනවද, සීතලද කියන කාරණා හොයනවට වඩා හොයන්න ඕන ආණ්ඩුව ඇයි නාමල් රාජපක්ෂට, රාජපක්ෂලාට මෙච්චර ගහන්නේ.

දැන් ඊයේ පෙරේදා ඉදන් මම බලනකොට අයිස් අයිස් කිය කියා ගහනවා. රාජපක්ෂලා හොරකෑවා හොරකෑවා කියලා සමාජගත කරලා රාජපක්ෂලා විනාශ කරන්න යනවා. ඒවා බොරුනම්, එදත් ඒ වගේ මිත්‍යාවන් හැදුවනම් අද නාමල් රාජපක්ෂට අයිස් අයිස් කියා ගහනවා.

ඒ නිසා මේ දෙකයි පනහේ පජාති දේශපාලනය කරන්න එපා. අපි ආණ්ඩුවට මතක් කරනවා. විපක්ෂ නායකවරයා ගැන අල්ලගන්නේ නැතුව, චෝදනා කරන්නේ නැතුව නාමල් රාජපක්ෂට චෝදනා කරන්නේ 2029 නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති නාමල් රාජපක්ෂ කියලා දැනිලා ඉවරයි.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: