2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:11
මේතාක් තමා වෙතට පැමිණි අභියෝගවලට මුහුණ දුන් බවත්, එම අභියෝගවලට තමා කිසිදු බියක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රවනාගාරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස සංවිධායක පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
“අපි අභියෝගවලට මුහුණ දුන්නා. හැබැයි අපි අභියෝගවලට භය නෑ. අපි හැමදාම අභියෝගවලට ආදරය කරපු අය. ඒ නිසා තමයි පක්ෂයක් විදිහට ඕනෑම අභියෝගයකට මුහුණ දීලා අපට ඉස්සරහට එන්න හැකියාව ලැබුනේ. සැබෑවටම ගොවියා රජ කරවන්න පුලුවන් සමාජයක්, පරිසරයක් හැදුවෙත් මහින්ද රාජපක්ෂ යුගය නැත්තම් අපේ දේශපාලන බලවේගයෙන්. අපිට බැන්නා, අපිට හොරු කිව්වා, අපි රට විනාස කලා කිව්වා බදු අඩු කරලා. ඔව් අපි බදු අඩු කලා. අඩු කලේ අපි දන්න්නවා මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි කියලා. ජීවන වියදම දාරාගන්න පුලුවන් තැනට ගේන්න නම් අසීමිත බදු බරෙන් අපි ඈත් වෙන්න ඕනේ, රාජ්‍ය ආදායම වැඩි කරගන්න රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන විදිහට පත් කරන්න ඕනේ.
කොන්ද පණ තියාගෙන බයනැතුව ගමේ දේශපාලනය කරන්න.හරිදේ කරන්න.ගම වෙනුවෙන් පෙනී සිටින්න.පන්සලේ, පල්ලියේ, කොවිලේ උත්සවයට උදව් කරන්න. අණ්ඩුවේ ප්‍රතිපත්තිය ඒවට සම්බන්ධ නොවෙන්න පුලුවන්.”
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:04
05-10-25
05-10-25
05-10-25
05-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25