hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 මැයි 26, පෙ.ව. 12:03



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දහම් සිරිසේනට තමන් සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීම සඳහා ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දහම් සිරිසේන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත්‍රයාය.

පසුගිය මැතිවරණවල දී ද දහම් සිරිසේන මහතාට පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට ඇරයුම් කළ ද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.

නව යෝජනාව පිළිබඳව දහම් සිරිසේනගේ තීරණය මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති අතර ඉදිරියේදී ඒ පිළිබඳව බොහෝ දුරට හෙතෙම තීන්දුවක් ගනු ඇතැය වාර්තා වෙයි.

පසුගියදා බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අබියස පැවති රණවිරු උපහාර උලෙළේ දී නාමල් සහ දහම් එක්ව රණවිරු උපහාර පුද කිරීම ද දේශපාලන ලෝකයේ කතාබහට ලක්විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: