2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:15
මිද්දෙණියේ හසුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සඟවා තැබූ බව කියන සම්පත් මනම්පේරි නම් පුද්ගලයා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් නඩරාජ් ඝාතන සිද්ධිය සම්බන්ද සැකකරුවෙක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“මේ සම්පත් මනම්පේරි කියන පුද්ගලයා කාලයක් පොලිස් කොස්තාපල් කෙනෙක් හැටියටත් වැඩ කරලා තියෙනවා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරියෙකු හැටියටත් වැඩ කරලා තියෙනවා පොඩි කාලයක්.
රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු හැටියටත් ඔහුව හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ඒ චෝදනා තිබියදී තමයි පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙන්නේ. පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා පමණක් සීමා වෙන්නේ නෑ.
ඔහු තංගල්ල, මිද්දෙණිය, හම්බන්තොට ඇතුළු මේ ප්‍රදේශවල දේශපාලඥයින් නිතර ගියපු ඇසුරු කරපු පවුලක් තමයි මේ මනම්පේරි පවුල. ඉතිං නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ කට්ටියට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මේ සම්පත් මනම්පේරිව පොලීසියට භාරදෙන එක.”
අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 9:40
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 9:39
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:45
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 3:25
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:01
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25