hit counter

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා

2025 අප්‍රේල් 09, පෙ.ව. 11:05



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබේ.

නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුව සමුළුවට සහභාගීවී සිටින අතරතුරදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ “භාරතයේ පිබිදීම” සමුළුව අමතා දේශනයක්ද සිදුකර කර තිබුණි.

“භාරතයේ පිබිදීම” සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව මෙරට සංවර්ධන ව්‍යාපෘති දේශපාලන හේතූන් මත කල්යෑම බවය.

උදාහරණයක් ලෙස 2015 වසරේදී සාම්පූර් බලාගාරය ආරම්භවීමට නියමිතව තිබුණ ද එය කල්යෑමේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති අර්බුදය ඇතිවූ බව ඔහු සඳහන් කළේය.

2022දී ඇතිවූ මෙම බලශක්ති අර්බුදය පසුව මූල්‍ය අර්බුදයක් බවට පත්වූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉන්දියාවේ පැවැති “භාරතයේ පිබිදීම” සමුළුව අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත.

අමෙරිකාවේ තීරුබදු සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ දකුණු ආසියාවේ සියලු ජාතීන් දේශපාලන බෙදීම්වලින් තොරව කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බවය.

ඉන්දියානු සාගර කලාපයේ රටවල් නව වෙළෙඳ හවුල්කාරීත්වයක් ගොඩනගා ගතයුතු බවද ඔහු පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: