hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 04, ප.ව. 5:03



සැමට ඡන්ද අයිතිය ලබා දීම වෙනුවෙන් වූ පූර්ව ඡන්ද ක්‍රමය පිළිබඳව වන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා Next Democrats කණ්ඩායම පසුගියදා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා හමු වුණා.

එහිදී ලංකාවේ වර්තමාන මැතිවරණ ක්‍රමය එහි අඩුපාඩු හා එකී ක්‍රමවේදයන් නූතන ලෝකයට සුදුසු ලෙස සකස් විය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව සාකච්ඡාවක නියැළීමට හා අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

මෙහිදී පූර්ව ඡන්ද ක්‍රමය හා තම ඡන්දය විවිධ හේතු නිසා ප්‍රකාශ කිරීමට අපහසුතා ඇති වන පුරවැසියන් වෙනුවෙන් ගෙන එන ව්‍යාපෘතිය “Equi-Vote” අගය කරමින් කොමසාරිස්වරයා කියා සිටියේ තැපැල් ඡන්ද ක්‍රමයේ පවතින දැඩි නීති තත්වය මත මෙවන් පූර්ව ඡන්ද ක්‍රමයක් තැපැල් ඡන්ද ක්‍රමය හා ඒකාබද්ධ කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවන බවයි.

ඒ වගේම කොරියාව, නේපාලය, ඉන්දියාව වැනි රටවල ඡන්ද ක්‍රමයන් සම්බන්ධයෙන් අපව දැනුවට් කරමින් විදේශ රාජ්‍යයන් හි මෙම ක්‍රියාවලීන්ගේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳවද රත්නායක මහතා දැනුවත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අතර නව යෝජනා එකතු කරමින් තවදුරටත් අපගේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් මැතිවරණ කොමිසමේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

මේ අවස්ථාවට අතිරේක මැතිවරණ කොමසාරිස් එස්. අච්චුදන් මහතා ද එක්ව සිටියා.