hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 28, ප.ව. 4:55



ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධානවලට රට තුළ වැඩ කටයුතු කිරීමට අවසර නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

වර්තමානයේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරිමට ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පියවර ගෙන ගත්තා.

එමෙන්ම, ක්‍රියාකාරී සැලසුම් ලබා දී නොමැති දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කැඳවීම්වලට ද සහභාගී නොවන සංවිධානවල ලියාපදිංචිය අහෝසි කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය වෙත දන්වා යැවීමට තීරණය කළ බවත් ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා පවසා තිබුණා.

මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මහජන ආරක්ෂක ඇමැතිවරයා විසින් ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධානවලට රට තුළ වැඩ කටයුතු කිරීමට අවසර නොමැති බවට තීරණය කර තිබෙනවා.