hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 10, පෙ.ව. 12:09



බිත්තර සඳහා වන බදු මුදල තම ආණ්ඩුවෙන් පැනවූ අලුතෙන් පැනවූ එකක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ රජයට එරෙහිව ජනතාව පෙළ ගැසීමට දැන් බොහෝ අය පුරුදු වී තිබෙන බවය.

“රටක් පවත්වා ගැනීම සඳහා රජයකට ආදායම් අවශ්‍යයි. ඒ අතර වැට් බදු විශේෂයි. මුළු ආදායමෙන් බහුතර ප්‍රමාණයක් වක්‍ර බදු වලින් ලැබෙන අතර වැඩි ප්‍රමාණයක් වැට් බදු වලින් ලැබෙනවා.

ඔන්ලයින් ක්‍රමයට ව්‍යාපාර කරන විශාල පිරිසක් ඉන්නවා. මෙයින් සමහර කොටසක් වැට් බදු වලට යටත් වන්නේ නැහැ. මේ සියලු ක්ෂේත්‍රවලට සම තලයක් නිර්මාණය කරමින් මේ සංශෝධන ඉදිරිපත් කරනවා.අපේ රට දුප්පත් වුනේ අපි පාලනය කරලා නොවෙයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: