hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 පෙබරවාරි 23, පෙ.ව. 12:22



ආණ්ඩුව පාතාළය මර්දනය කිරීමට යන්නේ සැකකරුවන් ඝාතනය කිරීමෙන් ද යන්න නිල වශයෙන් පැහැදිලි කළ යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවට තවමත් රාජ්‍ය මත සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවයි.

එයට එක් මූලික හේතුවක් වන්නේ පාලකයන්ගේ හැකියාව ප්‍රමාණවත් නොවීම සහ ඔවුන්ගේ පුහුණුව ඇත්තේ විපක්ෂයේ කටයුතු කිරීමට වීම බව ද නිර්මාල් දේවසිරි සඳහන් කරයි.

මෙම කණ්ඩායම සුළු කාලයක් හැරුණු විට දිගටම විපක්ෂයේ කටයුතු කර ඇති බවත් ඔවුන්ට රට පාලනයට ප්‍රමාණවත් හැකියාවක් නොමැති වීම ලැජ්ජාවට කාරණයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: