2025 ජූලි 18, පෙ.ව. 12:28
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් ආණ්ඩුවට හෙණ වැදිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
“ඉතිහාසය වගේ විෂයයක් නැතිව අපි කොහොමද ලෝකය ගැන අවබෝධ කරගන්නෙ? මේ ලෝකය ගැන අවබෝධය අත්‍යාවශ්‍යම කාලයක්. මේක මේ නිකම්, ඕනෙ නම් කැමති නම් තෝරාගන්න පුළුවන් එකක් නෙවෙයි. පුරවැසි අධ්‍යනය වගේ විෂයයක් කැමති නම් තෝරගන්න එකක් වෙන්න බෑ. ඒක අධ්‍යාපනයේ අනිවාර්යය කොටසක් විය යුතුයි.
ඒ නිසා මං හිතන්නෙ මේවා ගැන මේ විදියට හිතන්නෙ නැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න යාම අධ්‍යාපනයට කරන්න පුළුවන් විශාල හානියක්. මම කියන්නේ මේවා මෙහෙම කළොත් මොන හේතුවක් නිසාවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව – දැන් අපි අයිතිවෙන්නෙ මේ ඩෝබිලා වර්ගයටනෙ, ඒ කියන්නෙ හෝදන කට්ටියනෙ. මේක දාපුවාම මම දන්නවා මේවා එඩිට් කරලා දානවා, කමක් නෑ ඒත්, දාගන්න ඕනෙ නම් – හෙණ ගහන්න ඕනෙ ආණ්ඩුවට මේවා මෙහෙම කරනවා නම්. ඒ කියන්නෙ ඒ තරම්ම සිහිබුද්ධියක් නැතිව, හිතා බලන්නෙ නැතිව කරන වැඩ මේවා.”
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව පවසා ඇත්තේ සිය යූටියුබ් නාලිකාවෙහි වීඩියෝවක් පළකරමිනි.
2026 මාර්තු 11, පෙ.ව. 11:31
2026 මාර්තු 11, පෙ.ව. 11:14
2026 මාර්තු 11, පෙ.ව. 11:05
2026 මාර්තු 11, පෙ.ව. 10:40
2026 මාර්තු 11, පෙ.ව. 10:31
09-03-26
09-03-26
09-03-26
09-03-26
06-03-26
06-03-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
20-02-26
20-02-26
14-02-26
14-02-26
09-02-26
09-02-26
26-01-26
26-01-26
23-01-26
23-01-26
16-01-26
16-01-26
27-12-25
27-12-25