hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 15, පෙ.ව. 9:46



සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායක නැමැත්තා පිහි ඇනුමකට ලක්ව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඊයේ රාත්‍රියේ ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසනවා.

නුගේගොඩ පාගොඩ පාරේ ඔහුගේ ඡායාරූප ශාලාව තුළ සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මෙම ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

පිහි  පහර ඔහුගේ අතකට වැදී ඇති අතර ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවා.

පීහි ඇනුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.