2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
මාස පහක කාලයක සිට වාහන අංක තහඩු නැතිව බලා සිටින අලුත් වාහන හිමියන් 165,000කට තම වාහනයේ අංක තහඩුව ලබා ගැනීමට අවම ලෙස තවත් මාස තුනක කාලයක් බලා සිටීමට සිදුවනු ඇති බවට ආරංචි මාර්ග පවසයි.
එයට හේතු ලෙස දක්වන්නේ වසර 25 කට පසු පෙර සැපයුම්කරුගේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම, නව ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ ගැටලු සහ ආරක්ෂක ලක්ෂණ තහවුරු කිරීමේ ප්‍රමාදයයි.
එසේම අඳාළ ආරංචි මාර්ග කියා සිටියේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි යතුරු පැදි 127,745 ක් සහ විද්‍යුත් මෝටර් රථ 25,526 ක් ඇතුළු සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් වාහන අංක තහඩු ලැබෙන තෙක් බලා සිටින බවයි.
එසේම ගොඩ ගැසී ඇති වාහන අංක තහඩු ගොඩට තාවකාලික පියවරක් වශයෙන් ලියාපදිංචිය තහවුරු කරන ලිපියක් සමග නව හිමිකරුවන්ට ඔවුන්ගේ වාහන භාවිත කිරීමට අවසර දී ඇති බවත් සඳහන්.
මේ අතර පෙර සැපයුම්කරුට ලබා දී ඇති කොන්ත්‍රාත්තුව ඉකුත් අප්‍රේල් මාසයේදී අවසන් වූ අතර, ආදේශක සැපයුම්කරුවකු නොසිටි නිසා වාහන අංක තහඩු නිකුත් කිරීම අතරමග නතර කිරීමට ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සිදුව ඇති බව සඳහන්.
එමෙන්ම අලුත් සැපයුම්කරුවකු සොයා ගැනීමේ ක්‍රියාවලිය ටෙන්ඩර් පටිපාටියේ තාක්ෂණික සහ ප්‍රසම්පාදන ගැටලු නිසා ප්‍රමාද වී තිබෙන බවට ද ආරංචිමාර්ග පවතී.
තවද නව අංක තහඩුවවලට විශේෂ ආරක්ෂණ ලක්ෂණ 7 ක් ඇතුළත් බවත්, ඒවා පරික්ෂා කිරීමේදී ඇති වූ ගැටලු අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වූ බවත් වාර්තා වේ.
මේ අතර මෙම ලක්ෂණ පරීක්ෂා කිරීමේ වගකීම මොරටුව විශ්ව විද්‍යාලයට පවරන ලැබුවද මාස තුනක් ඇතුළත පරීක්ෂා කර ඇත්තේ ලක්ෂණ 6ක් පමණක් බව ද ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව හත්වැනි ලක්ෂණය ජාත්‍යන්තර තහවුරු කිරීමක් අවශ්‍ය බවත්, එය තවමත් පරීක්ෂා කර නැති බවත් සඳහන්. එමෙන්ම අවසන් ලක්ෂණය පිළිබඳ තහවුරු කිරීමේ සහතිතය නොගෙන නීත්‍යනුකූලව වාහන අංක තහඩු නිකුත් කළ නොහැකි බවත්, අවසන් ලක්ෂණය මාස 6කින් පමණ ක්‍රියාවලිය ප්‍රමාද කර තිඛෙන බවත් අඳාළ ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:07
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25