hit counter

2025 දෙසැම්‍බර් මස 13 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:10



වාහන ධාවනයට විවෘත කළ ගම්පොළ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයෙන් යළිත් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළාය.

එනිසා පවතින කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා නුවරඑලියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙසද දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළාය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත් ආපදාවට පත් සහ ආපදාවට පත් නොවූ ඇතැම් පිරිස් රජය අපහසුතාවට පත් කිරිමේ අරමුණින් සිදුකරන ඇතැම් ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: