hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 10:34



විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත්තේ ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 යූ එන් එල් වර්ගයේ පෙට්‍රල් නැව් තොග හතරක් සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගමෙන් ලබා ගැනීමටයි.

ඒ අනුව දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවෙකු වන සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගමෙන් මිලදී ගැනීම සිදු කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.

දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවීම කර ඇති බවත් ඒ සඳහා සමාගම් 04ක් ලංසු ඉදිරිපත් කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවෙ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර අදාළ සමාගම වෙත කොන්ත්‍රාත්තුව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: