2023 ජනවාරි 16, පෙ.ව. 11:13
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” මැදුරෙහි (Saffe House ) රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනෙකු ඊයේ (15) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.
ඕමානයේ සුරක්ෂා මැදුරෙහි දැනට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 117 දෙනෙකු රදවා සිටින අතර ඔවුන් අතරින් 17 දෙනෙකු ශ්‍රී ලංකාවට එවීම සදහා ඕමානයේ මස්කට් ගුවන් තොටුපළ වෙත භාර දී තිබූ අතර එයින් මෙම ගෘහ සේවිකාවන් දෙදෙනෙකුගේ ලියකියවිලි වල පැවති අඩුපාඩු නිසා ඔවුන් මස්කට් ගුවන් තොටුපළ විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
මෙසේ පැමිණි ගෘහ සේවිකාවන් 15 දෙනා ඊයේ (15) අලුයම 04.50 ට ඕමානයේ මස්කට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබු බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස භාර ගැනීම සදහා මෙම ගෘහ සේවිකාවන්ගේ දෙමාපිය නෑදෑ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව ඒෂියන් මිරර් ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළා.
මෙම සිදුවීම වාර්තා කිරීම සදහා මාධ්‍යවේදීන් කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (15) අලුයම 04.00 සිට පැමිණ සිටියද , ඔවුන්ට ඒ සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාවේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුන්ටරය වෙත යෑමට ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා අවසර ලබා නොදීම නිසා එම ප්‍රවෘත්තිය වාර්තා කිරීමට බලවත් බාධා ඇති වූ බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06