2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 5:22
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර, මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් පසුගිය දා වාර්තා වුණා.
එවැනි ආකාරයේ කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා සිය වෙබ් අඩවිය පහසුකම් සලසා නොමැති අතර වංචනිකයින් විසින් සිය දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනය ද අවභාවිත කර ඇති බව ඒ පිළිබඳ දැනුවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙම වංචාව සිදුකර ඇත්තේ අදාළ වෙබ් අඩිවිය සබැඳිව පුද්ගලයින් වෙත දුරකථන මාර්ගයෙන් කෙටි පණිවුඩයක් යොමුකර ඇණවුම් කර ඇති පාර්සලයක් සඳහා සුළු ගෙවීමක් සිදුකළ යුතු බවට පවසමින්.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාව සිදුකරන වංචනිකයන්ට හසු නොවන ලෙස තැපෑල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක්, විමසීමක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් 1950 හදිසි ඇමතුම් අංශයෙන් හෝ තැපැල් මූලස්ථානය අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2026 ජනවාරි 19, ප.ව. 4:30
2026 ජනවාරි 19, ප.ව. 4:11
2026 ජනවාරි 19, ප.ව. 2:50
2026 ජනවාරි 19, ප.ව. 2:43
2026 ජනවාරි 19, ප.ව. 2:10