2023 මැයි 24, පෙ.ව. 2:21
මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව සත පහක විශ්වාසයක් නැති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා.
“කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධව මහ උජාරුවට දෙදාස් පහළවෙන් පස්සේ කතා කළ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා කොමිෂන් සභාවට මෙහෙම පයින් ගහනවා නම් ඇතිවිය හැකි ඉරණම මොකක්ද? දැන් අපට මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව සත පහක විශ්වාසයක් නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කඩලා ගත්තා. දැන් පහුගිය කාලේ මං දැක්කා චාල්ස් කියලා මැතිනියක්ට ආණ්ඩුකාරකමක් දෙනවා. මේ කොමිෂන් සභාවේ හිටපු එකට. මං දන්නෑ චාල්ස් මැතිණියට ආණ්ඩුකාරකම දුන්නේ මැතිවරණය කල් දාපු නිසාද? කියන ගැටළුව අපට තියෙනවා.”
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08