2022 මැයි 17, ප.ව. 12:13
මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ දුරකතන 2ක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පැහැර ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(17) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව එම අවස්ථාව දුරකතන මගින් ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ගේ දුරකතන දෙකක් මෙලෙස පැහැර ගෙන ඇති බවත් එලෙස පැහැර ගත් මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න සොයා බලා මාධ්‍යවේදීන්ට අදාල එම දුරකතන ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
කතානායකවරයා සඳහන් කළේ ඒ පිළිබඳ සොයා බලන බවයි.
පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරා මහතාගේ සහ මාධ්‍යවේදී කසුන් සමරවීර මහතාගේ දුරකතන මෙලෙස පැහැර ගෙන තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණෙමින් සිටින මන්ත්‍රීවරුන් මෙලෙස දුරකතන පැහැර ගෙන ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07