hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 27, ප.ව. 1:48



පසුගිය වසර දෙකක කාලය තුළ මෙරටට බලපෑ ආර්ථික අර්බුදයත් සමඟ විශාල පිරිසක් විදෙස් ගත වීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තදබදයක් හටගත්තා.

එය විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් මාර්ගගත ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමටයි පසුව ඔවුන් පියවර ගත්තේ.

කෙසේවෙතත් අන්තර්ජාලයෙන් දින වෙන්කර නොගෙන බොහෝ දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට කටයුතු කළා.

ඒ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළම ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.

මෙවන් පසුබිමක් මත විදෙස් ගමන් බලපත්‍ර පොත් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දෛනිකව නිකුත්කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමා කළ බවයි වාර්තා වන්නේ.

එහෙත් ඊයේ (26) මෙන්ම අදත් (27) ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විශාල පිරිසක් පැමිණීමෙන් අනතුරුව ඉන් ජනතාව දැඩි අසීරුතාවට පත්වුණා.

මේ අතරතුර විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් සිදුකරන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

එසේ හදිසි ගමන් බලපත්‍ර පොත්වල හිඟයක් පවතින නිසා මෙම ඉල්ලීම කරන බවයි ඔවුන් ප්‍රකාශ කර සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: