hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:02



මෙරටට ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය එළඹෙන සෙනසුරාදා ලැබෙන බවත් ඒ අනුව එළඹෙන සඳුදා සිට එම බලපත්‍ර බෙදාහැරීම සිදුකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

ඊ-පාස්පෝට් සම්බන්ධයෙන් අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බැවින් එයට අදාළ ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකරන බවත් උසාවි නියෝගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳ අවධානය යොමුකරන බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

ඇනවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේදී අවසන් වීමත් සමග නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය (11) වනදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මේ බව සදහන් කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: