hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 29, ප.ව. 12:04



බුද්ධ දර්ශනයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කර රටින් පිටව ගොස් සිටින ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී ඔහුට ක්‍රියාකාරී අනුගාමිකයන් 18,000ක් මේ වන විට සිටින බව පෙනී ගොස් තිබෙනවා.

එසේම ක්‍රියාකාරී නොවන පිරිස මෙම ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක්වත් සිටින බව අනුමාන කළ හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

ක්‍රියාකාරී සාමාජිකයින්ගෙන් වැඩි දෙනෙක් සමාජය හමුවේ බලපෑම් කළ හැකි අය බවත් ඒ අය අතර ඉහළම තැන් නියෝජනය කරන්නන් බොහෝ බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

ඒ අය අතර, හැම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන්නන් සිටින බවද එම නිලධාරියා සඳහන් කළා.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විශේෂ විමර්ශනයක්ද ආරම්භකර තිබෙනවා.

මේ වන විට ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට සම්බන්ධ විමර්ශනයේදී සමාගම් 06ක් ගැන තොරතුරු හෙළි වී ඇති බවත් එම සමාගම්වල වත්කම් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළා.

එහි ගිණුම් පරීක්ෂා කිරීම්ද මේ වන විට සිදු වෙමින් ඇති බවත් හැම දෙයක්ම පිළිවෙළට සටහන් තබා ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙක් සඳහන් කළා. එම ගිණුම් සටහන්වල නිවැරැදිතාවය ද ඉදිරියේදී පරීක්ෂා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.