hit counter

2025 ජූලි මස 25 වන සිකුරාදා

2025 ජූලි 24, පෙ.ව. 12:02



පාස්කු ප්‍රහාරය පිළිබඳ තමන් ඇතුළු සමස්ත සමාජය නොමග යැවූ රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට කිසිසේත් නුසුදුසු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු ඇතැයි තමන් විශ්වාස කළේ එම ප්‍රහාරයට ISIS සංවිධානය සම්බන්ධ නොමැති බවට ඔහු කළ ප්‍රකාශය බවත් හෙතෙම පෙන්වා දෙයි.

එහෙත් ඇමරිකානු පර්යේෂණ අනුව මෙම ප්‍රහාරය පිටුපස ISIS සංවිධානය ඇති බව තහවුරු වී ඇති බවත් එහෙයින් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට ඔහු කිසිසේත්ම සුදුසු නොවන බවත් පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

එක්සත් ජනරජ පෙරමුණු මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: