2024 ජූනි 29, පෙ.ව. 12:02
 
            
රජය විසින් ආබාධිත රණවිරුවන් විශ්‍රාම යන විට ඔවුන් සඳහා ජීවිතාන්තය දක්වා අදාළ වැටුප් හා දීමනා ගෙවීම, ආබාධිත රණවිරුවන්ගේ මරණයෙන් පසු පවුලේ සාමාජිකයින්හට ඊට අදාළ වන පරිදි වැටුප් හා දීමනා ගෙවීම සහ විශ්‍රාම යන වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුවත් මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ට අඛණ්ඩව ඔවුන්හට ලැබිය යුතු වැටුප් හා දීමනා ගෙවීම සඳහා කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කරයි.
ඉදිරියේදී එම ගෙවීම් කටයුතු නොනවත්වා සිදුකෙරෙන බවත් වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වු රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් යම්කිසි විෂමතාවන් ඇත්නම් ඒ සම්බන්ධව සංඛ්‍යාලේඛන සොයා බැලීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කරයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කොළඹ පිහිටි සිය කාර්යාලයේදී ආබාධ තත්ත්වයන් හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව සදහන් කරයි.
වෛද්‍ය මණ්ඩලයක් මගින් ආබාධ තත්ත්වයන් නිශ්චය කිරීමෙන් අනතුරුව දැනට ඔවුන් වෙත ලබාදී තිබෙන 10% දීමනාව, 20% දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන මෙන් එම රණවිරුවන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.
 
                                                        2025 ඔක්තෝබර් 30, ප.ව. 5:17
 
                                                        2025 ඔක්තෝබර් 30, ප.ව. 1:50
 
                                                        2025 ඔක්තෝබර් 30, ප.ව. 1:40
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 11:54
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 9:43
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25