2025 අප්‍රේල් 03, පෙ.ව. 12:05
 
            
තම ආණ්ඩුව බලයට පැමිණි විගස භාණ්ඩ මිල පහත හෙලීම හෝ බදු අඩු කිරීම වැනි මෝඩ ක්‍රියාවන්හි නොයෙදූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
පසුගිය ආණ්ඩු එවැනි ක්‍රියාමාර්ග හරහා රට ආර්ථික අර්බුදයකට තල්ලු කළ ආකාරයට වත්මන් ආණ්ඩුව මෝඩ ලෙස හැසිරීම වෙනුවට, නිසි සැලසුම්කරණයක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත් බව ඔහු සඳහන් කළේය.
ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“අපි බලයට ආවට පස්සේ අපේ ප්‍රධාන ඉලක්කය වුණේ රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමයි. ඒක අපි ආරම්භ කළා.
හැබැයි පෙර රජයන් කළා වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න හෝ වැට් බද්ද අඩු කරන්න ගියේ නැහැ. ඒ වගේ මෝඩ තීන්දු අපි ගත්තේ නැහැ. එහෙම කළා නම් ආර්ථික අර්බුදයකට මුල පිරෙන්න ඉඩ තිබුණා. අපි ඉතා සැලකිල්ලෙන්, සැලසුම් සහිතව, විද්වත් උපදෙස් මත සෑම ක්ෂේත්‍රයකින්ම තොරතුරු ලබාගෙන හොඳ මාවතක් සකස් කළා. ඒක තමයි අපේ පළමු වගකීම වුණේ. එහෙම නැතුව ආණ්ඩුව බලයට ආව ගමන් අමාත්‍යාංශවල රැකියා බෙදලා දෙමින් කටයුතු කළා නම් ආර්ථිකය බිඳ වැටෙනවා. අපි බලයට එද්දී රටේ ආර්ථිකය කඩා වැටිලා තිබුණා. ඒ වගේ තත්ත්වයක ඉඳලා අද වෙනකොට ආර්ථිකය මේ තැනට ගෙන ඒම ගැන හැමෝම සතුටු වෙන්න ඕනේ. මෙවර අපි ඉදිරිපත් කළේ අල, ලූනු, පිටි, සීනි වගේ අයවැයක් නෙවෙයි. මේක සමස්ත ක්ෂේත්‍රයටම ප්‍රතිලාභ ගෙන දෙන විදිහේ අයවැයක්.”
 
                                                        2025 ඔක්තෝබර් 30, ප.ව. 5:17
 
                                                        2025 ඔක්තෝබර් 30, ප.ව. 1:50
 
                                                        2025 ඔක්තෝබර් 30, ප.ව. 1:40
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 11:54
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 9:43
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25