hit counter

2025 සැප්‍තැම්‍බර් මස 14 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:04



එළැඹෙන සැප්තැම්බර් (26) වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙසට ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ජනතාවගේ රෝග කල් තියා හඳුනාගත හැකි, ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි, ඒ පිළිබඳව පසුවිපරමක නිරතවිය හැකි සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වලට යොමු කළ හැකි සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ඉදිරියේදී ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

වර්තමානයේ ප්‍රධානම අභියෝගය බෝ නොවන රෝග බවත් එයින් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආරෝග්‍යා සුව සායන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් ආරෝග්‍යා සුව සායන පවත්වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් සඳහා ඉදිරි මාස කිහිපයේදී මුල්ගල් තබන බවත් වසර තුනක් තුළ සුවතා මධ්‍යස්ථාන දහසක් මගින් ජනතාව ආවරණය කිරීමටද බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැති ‘ආරෝග්‍යා’ ජංගම සුව සායන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: