2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:07
පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සහ ස්ථාන මාරුකිරීමේ බලතල පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට ලබාදී තිබෙනවා.
ඊට අදාළ ලියවිල්ල ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඊයේ පොලිස්පතිවරයාට යොමුකර ඇත.
පොලිස් ස්ථානාධිපතිගෙන් ඉහළ පොලිස් නිලධාරීන් ස්ථාන මාරුකිරීම, පත්කිරීම ඇතුළු සියළු කාර්යන් මෙතෙක් පැවතියේ ජාතික පොලිස් කොමිෂන් සභාව යටතේය.
මේ තත්ත්වය මත විවිධ දූෂණ අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතා හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයෙු ක්ෂණිකව ස්ථානමාරු කිරීමට පොලිස්පතිවරයාට හැකියාවක් නොමැති බවත් එය පොලිසියේ පරිපාලනයට දැඩි බාධාවක් බවත් පොලිස්පතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාව සිටියදී දිගින් දිගටම පොලිස් කොමිෂන් සභාවට පෙන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් ක්‍රිියාත්මක වීමට බලය පොලිස්පතිවරයාට ලැබී තිබෙනවා.
මෙහිදී ස්ථාන මාරුවීම් ලබන පොලිස් ස්ථානාධිපතිවරුන්ට අභියාචනා කිරීමේ බලය පොලිස්පතිවරයාට ලබාදී ෑ. යම් පොලිස් ස්ථානාධිපතිවරයකු ධාරණ හේතුවක් නොමැතිව ස්ථාන මාරුකළහොත් , පොලිස් ස්ථානාධිපතිධූරයෙන් ඉවත් කළහොත් ඒ සම්බන්ධයෙන් අභියාචනා කිරීමේ බලය පොලිස්කොමිෂන් සභාව සතුය.
එම අභියාචනය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සාධාරණ හේතුවක් නොමැතිව එම ස්ථාන මාරුවීම කර තිබේනම් එය නිවැරදි කිරීමේ අවස්ථාව කොමිෂන් සභාව සතුව ඇතැයි කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසුවා.
2026 මාර්තු 23, පෙ.ව. 12:19
2026 මාර්තු 23, පෙ.ව. 12:17
2026 මාර්තු 23, පෙ.ව. 12:14
2026 මාර්තු 23, පෙ.ව. 12:12
2026 මාර්තු 23, පෙ.ව. 12:10
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26