2025 ඔක්‍තෝබර් 22, ප.ව. 8:41
අධිකරණයේ විභාගවන නඩු, ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත නඩු එමෙන්ම විමර්ශන මට්ටමේ පවතින නඩු ,ඡායාරූප, වීඩියෝ හෝ සංකරණය කරන ලද හෝ AI තාක්ෂණයෙන් සංස්කරණය කරන හෝ නොකරන ලද දර්ශන විවිධ මාධ්‍යයන් ඔස්සේ සංසරණය වන බව පෙනී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙම දර්ශන මත්ද්‍රව්‍ය වැටලීම් අපරාධවලට සම්බන්ධ සහ විමර්ශන කටයුතු අන්දෝලනාත්මක සිද්ධීන් ආදිය සම්බන්ධ බවද නිරීක්ෂණය වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
මෙම ඡායාරූප, වීඩියෝ දර්ශන, එමෙන්ම සංස්කරණය කරන ලද හෝ නොකරන ලද AI දර්ශන අධිකරණයේ නඩු කටයුතු පවත්වාගෙන යන අවස්ථාවන්වලදී එකී විමර්ශනයන්වලදී වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට විවිධ බලපෑම් වලට මුහුණ දීමට සිදු වන බවද පෙනී යන බව පොලිසිය සඳහන් කරනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයට අනුව මාධ්‍යවලට ප්‍රවෘත්ති සැපයීමේ සිමා සඳහන්ව පවතිනවා.
ඒ අනුව අමාත්‍යංශ ලේකම් , දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට හෝ ප්‍රධානියාගේ අභිමතය පරිදි යම් නිලධාරියෙකුට පමණක් මාධ්‍ය වෙත තොරතුරු සැපයිය හැකියි.
එමෙන්ම සත්‍ය හා නිවැරදිව තහවුරු කරගන්නා තොරතුරු ඇතුළත් ඡායාරූප හා වීඩියෝ දර්ශන පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් පමණක් සියලුම මාධ්‍ය වෙත මුදා හරිනු ලබන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 5:28
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:03
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 3:19
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 2:01
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 12:48
22-10-25
22-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25