hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2024 ජූනි 15, පෙ.ව. 12:03



නව පොලිස්පති චක්‍ර ලේඛයක් යටතේ රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව වැඩිකිරීම සදහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී, පොලිස්පතිවරයා කියාසිටියේ මෙමඟින් සේවයේ නියතු පොලිස් නිලධාරීන් දිරිමත් කිරීම එහි අරමුණ බවයි.

ඒ අනුව ඉහි පළමු උප ලේඛනය යටතේ පොලිස් ස්ථාන 104 ක්, දෙවැනි උපලේඛනය යටතේ පොලිස් ස්ථාන 59 ක් සහ තෙවැනි උපලේඛනය යටතේ පොලිස් ස්ථාන 444 ක් ලෙස උප ලේඛන තුනක් යටතේ පොලිස් ස්ථාන වෙන්කර ඇත.

ඒ අනුව වර්තමානයේ රථවාහන අංශයේ රාජකාරී කරනු ලබන පොලිස් ස්ථානාධිපතිවරයකුට හිමිවූ රුපියල් 2500ක දීමනාව 4500 දක්වාත්, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට හිමිවූ රුපියල් 2000 වෙනුවට රුපියල් 5000ක දීමනාවකුත්, සැරයන්වරයෙකු සඳහා හිමිවූ රුපියල් 1800ක දීමනාව 4200ක් දක්වාත් කොස්තාපල්වරයකුට හිමිවූ 1600ක දීමනාව 4400ක් දක්වාත් සහ පොලිස් රියැදුරකුට හිමිවූ 1200ක දීමනාව 2800 දක්වාත් ඉහළ දමා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: