2023 මාර්තු 29, ප.ව. 4:13
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු උසස් නිලධාරීන් සිව් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත හා කේෂ්ත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානය වෙත ද පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි සෙනෙවිරත්න, පුත්තලම කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එච්.සි.ඒ පුෂ්පකුමාර , පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරි එච්.එම්.සි.පි.හේරත් , ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක
කේ.එම්පි.ජි.එන්.ආර් බණ්ඩාර යන මහත්වරු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටද මාරුකර යවා තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගේ අනුමැතිය ජාතික පොලිස් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවය ශ තාවය මත එම ස්ථාන මාරු පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතා විසින් සිදුකර තිබෙනවා.
මෙම ස්ථාන මාරුව පොලිස් කොස්තාපල්වරයෙකුට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පහර දීමෙන් අනතුරුව එම නිලධාරීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:07