hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 පෙබරවාරි 09, පෙ.ව. 10:34



යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් මෙම වසරේදී යළිත් රටේ විදුලි අර්බුදයක් නිර්මාණය වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට විදුලිබල මණ්ඩයේ නිළධාරීන් කැඳවා තිබු අතර එහිදී පසුගිය කාලය තුළ රට තුළ විදුලි අර්බුදයක් ඇති වීම සම්බන්ධයෙන් කරුණු විමසා තිබුණා.

පැවැති රජයන් ගත් ඇතැම් තීන්දු තීරණ සහ විදුලි ජනන සැලසුම් අනුව බලාගාර ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිවිපාක මේ වනවිට ජනතාවට අත්විඳීමට සිදුවී ඇති බවයි, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

සක්‍රීය බලශක්ති විශේෂ භාවිත කරමින් ඉදිරි ජනන සැලසුම් සකස් කිරිම කඩිනමින් සිදුකළ යුතු බව, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

මේ අතර මෙරට විශාලතම බිම්ගත සූර්ය පැනල විදුලිබලය උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ඊට අදාළ පුද්ගලික සමාගම අත්සන් තබා ඇත.

මෙහිදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතිය හරහා රටේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරාගැනීමට සුවිශේෂි දායකත්වයක් දක්වනු ඇති බවයි.

මේ අතර ඉන්දීය බලශක්ති සතියට සමගාමීව ඉන්දියානු ඉන්ධන සමාගම සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සාකච්ඡාවක් පවත්වා ඇත.

බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, ඉන්දියානු රජය හරහා ඉන්දීය තෙල් සමාගම ඉදිරිපත් කර ඇති නාගපට්නම් සිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි හරහා කොළඹ දක්වා ඉදිකිරීමට නියමිත බහු ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇති බවයි.

සිල්ලර මෙහෙයුම් ඒකාබද්ධ ව්‍යාපාරය යටතේ ආයෝජන සහ ව්‍යාපෘති පුළුල් කිරීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කරගත් බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: