hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 18, ප.ව. 6:51



කොළඹ තුරඟ තරග පිටිය ප‍්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වු පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල තරුණයා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියම කර තිබෙනවා.

සැකකාර තරුණයා මානසික අබාධයකින් පෙළෙන බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා ඔහු ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට යොමු කොට ඔහුගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළා.

කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු සැකකාර චතුරංග ද සිල්වා නමැති සිසුවා ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප‍්‍රගතියය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කළා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි කොළඔ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති තරුණීයක්.