hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2024 ජූනි 01, පෙ.ව. 12:00



මේ දිනවල පවතින නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද (01) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.

ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: