hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2025 අප්‍රේල් 14, පෙ.ව. 12:00



මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (14) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින අතර අද දින (14) දහවල් 12:11 ට තුනුක්කායි, ඕලුමඩු, ඔඩ්ඩුසුඩාන්, කුමුලමුනේ සහ චෙම්මලෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: