2025 අප්‍රේල් 24, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
2026 ජනවාරි 08, පෙ.ව. 12:33
2026 ජනවාරි 08, පෙ.ව. 12:31
2026 ජනවාරි 08, පෙ.ව. 12:28
2026 ජනවාරි 08, පෙ.ව. 12:17
2026 ජනවාරි 08, පෙ.ව. 12:14
08-01-26
08-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25