hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:00



“දිට්වා” [Ditwah] සුළිකුණාටුව කන්කසන්තුරය සිට 210 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.4°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරනු ඇත. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුල ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ කාලගුණය කෙරෙහි මෙම සුළිකුණාටුවේ බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතී.

උතුරු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: