hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2026 ජනවාරි 16, පෙ.ව. 12:05



රාජිකා අගම්පොඩි මහත්මිය විසින් රචිත “නොබිදෙන හිස් තැන” කාව්‍ය ග්‍රන්ථය එළිදක්වීම පසුගිය දා ඔස්ට්‍රේලියාවේ මෙල්බර් නුවර දී සිදුවිය.

ඉපැරණි ආකෘතික කවි පර්යේෂණයට බදුන් කොට එහි ආභාශය ද ගෙන නිර්මාණය වී ඇති මෙම ග්‍රන්ථය ව්‍යවහාරික සමාජය තුළ ප්‍රායෝගිකත්වය පදනම් වූ මාතෘකා මත නිර්මාණය වී ඇත.

මෙහි පළමු පිටපත මීතිරිගල නිසරණ වන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය සතිපාසල සහ විශ්ව සති ගම්මානය යේ නිර්මාතෘ අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක හිමියන් වෙත පිළිගැන්වීමද සිදුවිය.

මෙම කාව්‍ය ග්‍රන්ථය එළිදැකිවීමේ උත්සවය ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවීණ රංගධර ජයශ්‍රී චන්ද්‍රජිත් මහතා සහභාගී වූ අතර ශ්‍රීලංකයකින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

2025 වසරේ ගොඩගේ කාව්‍ය අත්පිටපත් තරඟයේ අවසන් වටය සඳහා ද නිර්දේශිත මෙම කාව්‍ය ග්‍රන්ථය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලාංකික පාඨක ඔබටද ලබාගත හැක.