2025 නොවැම්‍බර් 12, පෙ.ව. 8:51
නීති විරෝධී ලෙස රුපියල් කෝටි 27කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල, දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය ඊයේ(11) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකරුට අධි චෝදනා පත්‍ර භාර දෙන ලදී. අනතුරුව, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය. ඊට අමතරව, රමිත් රඹුක්වැල්ලගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසට ද නියෝගයක් නිකුත් කෙරිණි.
කෙසේ වෙතත්, ඇප ලබා අධිකරණයෙන් පිටව යන අතරතුර, එය වාර්තා කරමින් සිටි කැමරා කරුවෙකුට රමිත් රඹුක්වැල්ල විසින් කිහිප වතාවක් මැද ඇඟිල්ල දිගු කරමින් අශෝභන ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
එම අවස්ථාවේදී ඔහු, කැමරාකරුට බලමින්, “මාස්ක් එක ගලවන්නද? මේක තමයි” යනුවෙන් පවසමින් මෙම අශෝභන සංඥාව සිදු කිරීම එම වීඩියෝවේ පැහැදිලිව සටහන් වී තිබීම විශේෂත්වයකි. ඔහුගේ මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.
2026 මාර්තු 01, ප.ව. 1:27
2026 මාර්තු 01, ප.ව. 12:13
2026 මාර්තු 01, පෙ.ව. 1:52
2026 මාර්තු 01, පෙ.ව. 1:49
2026 මාර්තු 01, පෙ.ව. 1:46
27-02-26
27-02-26
23-02-26
23-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26
06-02-26
06-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26