hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 24, ප.ව. 12:13



විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (23) දින බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට රැගෙන ආ අතර අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ සඳහන් කරයි.

2023 වසරේ සැප්තැම්බැර් (22) සහ (23) යන දිනවල මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් භාවිත කරමින් පුද්ගලික සංචාරයක් යෑම සම්බන්ධයෙන් පසුගියදා රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ලබන (26) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.