hit counter

2025 දෙසැම්‍බර් මස 02 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:07



රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කරාට වැඩිය මොනව හරි වෙනසක් මේ ආණ්ඩුවට කරන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන⁣ සඳහන් කරයි.

එනිසා රට භාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්න් සිටින බවත් ඒක ගැන කළබල විය යුතු නැති බවද වජිර අබේවර්ධන⁣ සඳහන් කරයි.

වජිර අබේවර්ධන⁣ සඳහන් කළේ,

“දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කරාට වැඩිය මොනව හරි වෙනසක් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් ද.? මම දන්න විදිහට බෑ. නීතිරීති වගයක් අපි ගෙනල්ලා තිබෙනවා. ඒ නීතිරීති මේ දවස්වල උල්ලංඝණය කරමින් තිබෙනවා.

එහෙනම් ඒ ආණ්ඩුව විනාශ වීමට නියමිතව තිබෙනවා. එවැනි අවස්ථාවක රට භාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්න් ඉන්නවා. ඒක ගැන කළබල වෙන්න එපා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: