hit counter

2025 ඔක්‍තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 10, ප.ව. 4:55



වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා වරදකරු කරමින් අධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඔහුට එරෙහිව, හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා විසින් පවරන ලද දීර්ඝකාලීන නඩු විභාගයක තීන්දුව ප්‍රකාශ කරමින් රන්ජන් ජයලාල් මහතාට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබේ.

චම්පික රණවක මහතා පවසන්නේ රන්ජන් ජයලාල් මහතා ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී අසත්‍ය ප්‍රකාශ කරමින් මහජනතාව නොමඟ යැවූ බවට අධිකරණය විසින් තීරණය කල බවයි.

අදාළ සිවිල් නඩුව වසර දහතුනක පමණ දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණය හමුවේ විභාග වී තිබූ අතර එහිදී, රන්ජන් ජයලාල් මහතා වරදකරු බවට තීරණය කළ අධිකරණය, පැමිණිලිකාර චම්පික රණවක මහතාට වන්දි මුදල් ගෙවන ලෙසට නියෝග කර තිබේ.

මෙම නඩුකරය පදනම් වී ඇත්තේ, චම්පික රණවක මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ කතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් වෙත රුපියල් 80,000 ක මුදලක් වියදම් කරමින් කොළඹ සිට ඇඳක් ගෙනගිය බවට රන්ජන් ජයලාල් මහතා සහ තවත් මාධ්‍ය කිහිපයක් විසින් සිදු කරන ලද ප්‍රවෘත්ති ප්‍රකාශයක් මුල් කරගෙනය.

අද දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා විසින් මෙම නඩු තීන්දුව සහ නඩුකරයේ පසුබිම පිළිබඳව කරුණු හෙලි කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: